Disclaimer: The material in this print-out relates to the law as it applies in the state of Victoria. It is intended as a general guide only. Readers should not act on the basis of any material in this print-out without getting legal advice about their own particular situations. Victoria Legal Aid disclaims any liability howsoever caused to any person in respect of any action taken in reliance on the contents of the publication.

We help Victorians with their legal problems and represent those who need it most. Find legal answers, chat with us online, or call us. You can speak to us in English or ask for an interpreter. You can also find more legal information at www.legalaid.vic.gov.au

Sinhalese/සිංහල

Sinhalese/සිංහල – නීතිමය ගැටලු සම්බන්ධයෙන් අපට උදව් කළ හැක්කේ කෙසේද.

නීතිමය ගැටලු සම්බන්ධයෙන් අපට උදව් කළ හැක්කේ කෙසේද

මෙම තොරතුරු Wurundjeri භූමියේ දී සකසන ලදී.

මෙම තොරතුරු 2022 ජනවාරි වන විට නිවැරදි වේ.

නීතිමය ගැටලු නිසා ඔබ සිත්තැවුලට, කාංසාවට, කණගාටුවට හෝ කෝපයට පත් වී සිටිනවා විය හැකිය. ඔබ අප අමතන විට ඔබට එසේ දැනිය හැකි බව අප දැන සිටින්නෙමු. අපට ඔබගේ නීතිමය ගැටලුව සම්බන්ධයෙන් උදව් කළ හැකිය.

ඔබේ නීතිමය ගැටලුව ගැන අපට කියන්න

ඔබේ නීතිමය ගැටලුව ගැන අපට කිව හැකි ආකාර තුනක් වේ. එනම්:

  • 1300 792 387 ඔස්සේ Legal Help වෙත දුරකථනයෙන් කතා කිරීම
  • අපගේ වෙබ්චැට් සේවාව භාවිතා කර අපට ලිවීමෙන්
  • අපගේ කාර්යාලයකට යෑමෙන්.

සූදානම් වීම සඳහා නීතිමය ගැටලුව ගැන ඔබ ළඟ ඇති ලියකියවිලි සියල්ල එක් කර ගන්න. මෙම ලියකියවිලි, දඩයක් හෝ උසාවියෙන්, නීතිඥවරයෙකුගෙන් හෝ පොලිසියෙන් ලැබුණු ලියුමක්‌ විය හැකිය.

1. Legal Help ‌සමග දුරකථනයෙන් කතා කිරීම

ඔබට 1300 792 387 ඔස්සේ දුරකථනයෙන් Legal Help ඇමතීම සිදු කළ හැකිය.

සඳුදා සිට සිකුරාදා දක්වා පෙව. 8 සිට පව. 6 දක්වා Legal Help විවෘතව තිබේ. එය ප්‍රසිද්ධ නිවාඩු දිනවල දී වසා ඇත.

මෙහි දී අනෙක් දේශීය ඇමතුමක් සේ ම ගාස්තු අය වීම සිදු වේ.

ඕනෑම කෙනෙකුට Legal Help වෙත දුරකථන ඇමතුමක් ලබා දිය හැකිය.

ඔබ Legal Help වෙත දුරකථන ඇමතුමක් ලබා දුන්නොත් ඔබට කිසියම් වේලාවක් බලා සිටීමට සිදු වීමට ඉඩ ඇත. හැකි තරම් උදෑසනින් අප අමතන්න.

අපගේ වෙබ්චැට් පහසුකම භාවිත කිරීම වඩාත් ඉක්මන් විය හැකිය.

මට මගේ භාෂාවෙන් කතා කළ හැකිද?

අපගේ කාර්ය මණ්ඩලය බොහෝ භාෂා කතා කරති. අප ඔබගේ භාෂාව කතා කරන්නේ නැත්නම්, ඔබ දුරකථන ඇමතුමක් ලබා දුන් විට භාෂණ පරිවර්තකයෙකු සංවිධානය කිරීම අපි සිදු කරන්නෙමු.

අප ඔබගේ භාෂාව කතාකරනවා දැයි සොයා බලන්න.

මා වෙනුවෙන් වෙනත් අයෙකුට ඇමතුමක් දිය හැකිද?

ඔව්. ඔබ සමග කටයුතු කරන කෙනෙකුට හෝ ඔබ විශ්වාස කරන උපකාරයට සිටින අයෙකුට අපට ඇමතුමක් ලබා දිය හැකිය. ඔවුන් කතා කරන අවස්ථාවේ දී ඔබ ඔවුන් සමග සිටීම වඩාත් හොඳය. ඔබ සමග වැඩ කරන කෙනෙකු අප අමතන විට ඔවුන් විසින් දුරකථන මෙනුවේ ඇති උපදෙස් අනුගමනය කළ යුතුය.

මට ජාතික රිලේ සේවාව භාවිත කළ හැකිද?

ඔව්. එහි දී තෝරා ගැනීම් කිහිපයක් ඇත:

  • TTY: 133 677 වෙත අමතා ඉන්පසු 1300 792 387 අමතන්න
  • කතා කිරීම හා අසා සිටීම: 1300 555 727 වෙත අමතා ඉන්පසු 1300 792 387 අමතන්න.
  • මාර්ගගත රිලේ: nrschat.nrscall.gov.au වෙබ් අඩවිය වෙත ගොස් ඉන්පසු 1300 792 387 අමතන්න
  • එස්එම්එස් රිලේ: 0423 677 767 වෙත කෙටි පණිවුඩයක් යොමු කරන්න
  • වීඩියෝ රිලේ: ස්කයිප් (Skype) හෝ ජාතික රිලේ සේවා යෙදවුම භාවිත කරන්න.

එය භාවිත කිරීමට පෙර ඔබ ජාතික රිලේ සේවාව සඳහා ලියාපදිංචි විය යුතුය.

2. වෙබ්චැට් ඔස්සේ අපට ලියන්න. (ඉංග්‍රීසියෙන් පමණයි)

අපගේ Legal Help Chatවෙබ්චැට් පහසුකම භාවිත කර ඔබේ නීතිමය ගැටලුව ගැන අපගේ කාර්ය මණ්ඩලයට දන්වන්න. අපගේ කාර්ය මණ්ඩලය ඔබට පිළිතුරු දෙනු ඇත. ඔබට වැඩි දුර උදව් අවශ්‍ය වේ නම් Legal Help වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙස ඔවුන් ඔබට පැවසීමට ඉඩ ඇත.

3. අප හමුවීමට එන්න

ඔබට අපගේ කාර්යාලවලට පැමිණිය හැකිය. මෙල්බන් නගරයේ හා ප්‍රාදේශීය වික්ටෝරියාවේ අපගේ කාර්යාල තිබේ. අපගේ කාර්යාල ඇත්තේ කොහේදැයි සොයා බලන්න.

නීතිඥයෙකු සමග කතා කිරීමට ඔබට කලින් වේලාවක් වෙන් කර ගත යුතු වේ. අපගේ කාර්යාලවල රෝද පුටුවලට ගමන් කළ හැකි මාර්ග හා විදුලි සෝපාන ඇති අතර සේවා සතුන්ට හිතකාමී වේ.

ඔබ අප ඇමතූ විට සිදුවන්නේ කුමක්ද

අප ඔබගෙන් ප්‍රශ්න අසන්නෙමු. අපට ලබා දිය හැක්කේ කුමන උදව් දැයි තීරණය කර ගැනීමට මෙය අපට උපකාරී වේ.

ඔබ අපට පවසන සියලු දේ රහසිගතය. ඔබට අපට පවසන දේ අප විසින් වෙනත් කෙනෙකුට පැවසිය හැකි බව ඔබ පවසන්නේ නම් හැර ඒවා වෙනත් කෙනෙකුට පැවසීම සිදු නොවේ.

අපට බොහෝ නීති ගැටලු සම්බන්ධයෙන් උපකාර කළ හැකිය. ඔබේ ගැටලුවලට අපට පිළිතුරු ලබා දිය නොහැකි නම්, ඒවාට පිළිතුරු දිය හැකි අයෙකු වෙත අපි ඔබ යොමු කරන්නෙමු. එය ප්‍රජා නීති මධ්‍යස්ථානයක් හෝ පෞද්ගලික නීතීඥවරයෙකු විය හැකිය.

අපට උපකාර කළ හැක්කේ කෙසේද

නීතිමය තොරතුරු හා උපදෙස්

නීතිය ගැන හා ඔබ‌ට ඇති විකල්ප ගැන ඔබට පැවසීමට අපට හැකිය. අපට පහත දැක්වෙන දේ කිරීමට ද හැකියාව තිබිය හැකිය:

  • ඔබට තොරතුරු එවීම
  • උසාවි යෑමට පෙර ඔබට කතා කිරීමට
  • ඔබව අනෙකුත් සේවා හා උපකාර සමග සම්බන්ධ කිරීම
  • ලිපි ලිවීම
  • ඔබ වෙනුවෙන් උසාවියේ දී කතා කිරීම.

මේවා:

  • ඔබගේ නීති ගැටලුව
  • ඔබ‌ සතුව ඇති මුදල් ප්‍රමාණය මත පදනම් වේ.

පහත දැක්වෙන තත්ත්වයන් ඔබට අදාළ වේ නම් අපට වැඩිදුර උදව් ලබා දිය හැකිය:

  • ඉංග්‍රීසියෙන් කතා කිරීමේ අපහසුවක් ඇත්නම්
  • අබාධිතතාවක් හෝ අයහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවතින්නේ නම්
  • ආදි වාසික හා/හෝ ටෝරස් සමුද්‍රසංධි දූපත්වාසියෙක් නම්.

අප සමග කතා කිරීමට භාෂණ පරිවර්තකයන් හෝ ජාතික රිලේ සේවාව වැනි උපකාර සංවිධානය කිරීමට අපට හැකිය.

ඔබට පහසු ආකාරයෙන් ඔබ සමග කතා කිරීමට අපට හැකිය.

ඔබට තොරතුරු ලබා දිය හැක්කේ කෙසේදැයි අපට කියන්න.

Duty lawyers

අපගේ duty lawyers (නිල නීතීඥවරු) වික්ටෝරියාව පුරා උසාවිවල කටයුතු කරති. සමහර නීති ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ට උපකාර සැපයිය හැකි වේ. ඔබට දැනටමත් නීතීඥවරයෙකු නොමැති නම් උසාවි දිනයේ දී ඔබට උපකාර කිරීමට ඔවුන්ට හැකිය. ඔබ උසාවි යන්නේ නම් හා ඔබට නීතීඥවරයෙකු නැත්නම්, ඔබට duty lawyer සමග කතා කළ හැකි දැයි උසාවියෙන් අසන්න. ඔබට උපකාරයක් විය හැකි අනෙක් සේවා ගැන ද විමසිය හැකිය.

ඔබ නීතිය කඩ කර ඇති බව පොලිසිය විසින් පැවසීම නිසා ඔබ මහේස්ත්‍රාත් උසාවියකට යන්නේ නම්, උසාවි යෑමට පෙර duty lawyer සමග කතා කිරීමට ඔබට හැකියාව ඇත. වැඩිදුර විස්තර අපගේ Help Before Court service සේවාව ඔස්සේ සොයා ගන්න.

ඔබ පවුල් නීති උසාවියකට යන්නේ නම්, උසාවි යෑමට පෙර ඔබට අපගේ Family and Advocacy Support Services සේවාවට කථා කිරීමට හැකියාව තිබීමට හැකිය.

වෙනත් උපකාර

ඔබේ නීති ගැටලුව සම්බන්ධයෙන් වෙනත් උපකාර ලබා දීමට ද අපට හැකිය.

ඔබ අනිවාර්ය මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ නම්, Independent Mental Health Advocacy සේවාවට ඔබට උපකාර කළ හැකිය.

ළමා ආරක්ෂණ පද්ධතියේ මුල් අවස්ථාවල සිටින දෙමාපියන්ට හා භාරකරුවන්ට උපකාර කිරීමට අපගේ Independent Family Advocacy and Support සේවාවට හැකිය.

ඔබ හා ඔබේ සහකරුවා/කාරිය වෙන් වන්නේ නම්, එකඟතාවයන්ට පැමිණීමට අපගේ Family Dispute Resolution Service සේවාව මගින් උපකාර කිරීමට හැකි වේ. උදාහරණයක් ලෙස දරුවන්ගේ භාරකාරත්වය පිළිබඳ ආරවුල් විසඳීම

ඔබේ නීති ගැටලුව සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සොයා ගන්න

විවිධ ගැටලු සම්බන්ධයෙන් තොරතුරු අපගේ වෙබ් අඩවියේ ඇත.

ඔබට වෙබ් අඩවියේ අකුරු ලොකු කර ගැනීම හෝ තිරය මත කියවීම භාවිත කළ හැකිය..

පසසුවෙන් කියවිය හැකි හෝ මගේ භාෂාවෙන්ඇති තොරතුරු ඔබ සතුව තිබේද?

සමහර නීතිමය මාතෘකා ගැන විවිධ භාෂාවලින් කියවීමට පහසු ආකාරයේ නොමිලේ ලබාදෙන අත්පොත් අප සතුව ඇත.

ඔබට අපගේ අත්පොත් අපගේ නාමාවලි පිටුවේ සොයා ගත හැකිය.

අපගේ ප්‍රකාශනයන් කියවීමට ඔබට තිරය මත කියවීම භාවිත කළ හැකිය.

ස්තුතිය

අපගේ Shared Experience and Support හා Speaking from Experience කණ්ඩායම් මෙම පිටුව සකස් කිරීමට අපට උපකාර කර ඇත.

Updated